Students of Peradeniya University commenced a continuous ‘Sathyagraha demanding authorities to allow students to continue the Allied Health Science courses without them being slashed.
විශ්වවිද්‍යාලය තුළ දිගින් දිගටම සිදුකෙරෙන ශිෂ්‍ය මර්දනයට සහ සිසුන්ට බලපාන අසාධාරණ පරිපාලනමය තීරණවලට එරෙහිව හඬනැගීමේ වරදට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිමුතු ගුණසේකර මහතාගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට එහි පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබේ.
සමසෞඛ්‍ය විද්‍යා උපාධි පාඨමාලවන්හි අධ්‍යයන කාලය වසර හතරක සිට වසර තුනක් දක්වා කප්පාදු කිරීමේ අසාධාරණ තීරණයට එරෙහිව මහා ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් පසුගිය23 වැනිදා සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී එහි සිසූහු අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළ කළහ. ඒ වෙනුවෙන් සිසුන් විශ්වවිද්‍යාල භූමිය තුළ ඉදිකළ විරෝධතා පුවරු, කළුකොඩි ඇතුළු සැරසිලි 22 වැනි දින රාත්රියේදී කිසියම් පිරිසක් විසින් විනාශකර දමා තිබූ බවත් එම සිසූහු පවසති.
සිසුන් විසින් නැවතත් එම සැරසිලි ඉදිකළද 23 වැනි දින රාත්රියේදී හා ඊයේ (26) දහවල් කාලයේදී ආරක්ෂක අංශය විසින් එම සැරසිලි ඉවත්කරන බව දැකගැනීමට හැකිවූ නිසා මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු ඒ වනවිට විශ්වවිද්‍යාලය තුළ රැඳී සිටි සිසුන් ඊට එරෙහිව දැඩි ලෙස විරෝධය දක්වා තිබේ.
ආසන්නතම සිදුවීම ලෙස මෙම සිදුවීම පදනම්කොටගෙන සභාපතිවරයාගේ ශිෂ්‍යභාවය අත්හිටුවා ඇති බවත්, ශිෂ්‍යභාවය අහෝසි කිරීම හකුළා ගන්නාතුරු කවර ආකාරයේ මර්දනයක් හමුවේ වුවද ඉදිරියේදී දැඩි ශිෂ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අවධාරණය කරසිටියි.
Source : LankaTruth